නවතම පුවත්

මැතිවරණ ‌කොමිසමේ සාමාජිකයන් අතර මතගැටුමක් – අද මාධ්‍ය හමුවත් රත්වෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මැතිවරණ කොමිසමේ අද පැවතී මාධ්‍ය හමුව අතරතුර එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා එම කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා අතර යම් මතගැටුමක් ඇතිවිණ.

මාධ්‍ය හමුව අවසාන භාගයේ මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට ලබාදුන් කාලසීමාව අතරතුර මෙම මත ගැටුම මතුවිය.

මෙහිදී අදහස් දක්වමින් රත්නජීවන් හූල් මහතා පැවසුවේ මෙරට ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය යල් පැනගිය එකක් වන බවයි. වෙනත් බොහෝ රටවල ඒ සඳහා අන්තර්ජාලය භාවිතා කරන බවද හූල් මහතා පැවසීය.

එහිදී හූල් මහතාගේ ප්‍රකාශයට එකවරම මැදිහත්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම ප්‍රකාශය තමා පිළිනොගන්නා බව අවධාරණය කර සිටියේය.

හූල් මහතා ප්‍රකාශ කර සිටියේ ඔහුගේ පුද්ගලික මතයක් පමණක් වන බවත් මෙරට ජන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය යල් පැනගොස් ඇතැයි යන්න කොමිසමේ නිල මතය හෝ අදහස නොවන බවත් දේශප්‍රිය මහතා මෙහිදී තරමක දැඩි ස්වරයෙන් පැවසීය .

හූල් මහතා මාධ්‍ය ඉදිරියේ පුද්ගලික අදහසක් ප්‍රකාශ කිරීම සම්භන්ධව තම නොකැමැත්ත විදහා දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා පැවසුවේ තමා මෙම ක්ෂේත්‍රයේ ප්‍රයෝගික වගකීම් රාශියක් ඇති පුද්ගලයෙකු බවයි.

මෙවර ජනපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු හට සියයට 50කට වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකිවන බවටද හූල් මහතා මීට පෙර ප්‍රසිද්ධ මාධ්‍යයකට ප්‍රකාශ කර තිබු බවත්, එයද ඔහුගේ පුද්ගලික මතය මිස කොමිසමේ මතය නොවන බවත් දේශප්‍රිය මහතා පැවසීය.

කොමිසමට එවැනි ප්‍රකාශ කර නොහැකි බවත් දේශප්‍රිය මහතා මෙහිදී තරමක දැඩි ස්වරයින් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්