නවතම පුවත්

මැතිව් අබේසිංහගෙන් ලක්මවට දැනට රන් 3 යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ ( 05) ආරම්භ වූ පිහිනුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පළමු රන් පදක්කම ජයග්‍රහණය කළ මැතිව් අබේසිංහ පිරිමි මීටර 200 නිදහස් ආර (මිනිත්තු 1:48.92ක) ඉසව්වට සහභාගී වෙමින් එම පදක්කම ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. ඊට අමතරව මීටර 100 සමනල ආර ඉසව්ව තත්පර 53.65කින් අවසන් කරමින් සිය දෙවන රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 

ඊට අමතරව 100×4 පිරිමි නිදහස් ආර තරග ඉසව්ව මිනිත්තු 3:19.07කින් අවසන් කළ ශ්‍රී ලංකා පිරිමි සහය පිහිනුම් කණ්ඩායම ද ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කමක් එකතු කළේය. එම කණ්ඩායමට මැතිව් අබේසිංහ, අකලංක පීරිස්, ස්ටෙෆාන් පෙරේරා සහ කවින්ද්‍ර නුගවෙල යන ක්‍රීඩකයින් ඇතුළත් විය.

භක්ති කරුණාසේන, සන්දු සවින්දි, ගංගා සෙනෙවිරත්න සහ හිරුකි ද සිල්වා යන ක්‍රීඩිකාවන් 100×4 කාන්තා නිදහස් ආර තරග ඉසව්ව මිනිත්තු 4:00.18කින් අවසන් කරමින් ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රිදී පදක්කමක් එකතු කරන ලදි. 

ඊට අමතරව අද පැවති පිහිනුම් තරග ඉසව්වල දී තවත් ලෝකඩ පදක්කම් තුනක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර මීටර 200 පිරිමි ළය ආර ඉසව්ව නියෝජනය කළ කිරන් ජාසිංහ, එහි කාන්තා තරග ඉසව්ව නියෝජනය කළ රමුදි සමරකෝන් එම පදක්කම් තුනෙන් දෙකක් ජයග්‍රහණය කළේය. මීටර 100 කාන්තා සමනල ආර ඉසව්ව නියෝජනය කළ අනීකා ගෆූර් මිනිත්තු 1:04.85කින් ඇයගේ ඉසව්ව අවසන් කරමින් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නාය. 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තවත් පිහිනුම් ඉසව් කිහිපයක් අද (6) දිනයේ දීත් පැවැත්වෙන නිසා අද දිනයේ දීත් ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් තවත් පදක්කම් කිහිපයක් අපේක්ෂා කිරීමට හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්