මැදපෙරදිග යනවානම් ‘බූස්ටර්’ එන්නතත් අවශ්‍යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද රැකියා සදහා පැමිණෙන්නේ නම් බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර්, මොඩර්නා හෝ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගෙන පැමිණෙන ලෙස කුවේට්, සෞදි සහ කටාර් යන රටවලින් දැනුම් දීමක් කර තිබෙ

එම රටවල සේවා යෝජකයින් මෙම කොන්දේසිය පනවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේය

ශ්‍රමිකයින්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශවලින් ඉල්ලා ඇති බවද  ඔහු කියාසිටියේය .

විදේශ රැකියා සදහා පිටත්ව යාමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසක් මේ වනවිටත් ලියාපදිංචි වී අවසන්.

ඔවුන්ගෙන් 8,000 කට පමණ ෆයිසර් එන්නත ලබාදී තිබෙ.