මැදපෙරදිග රැකියා අහිමි වූ ලාංකිකයන් 20,000ක්

Picture of අසංක

අසංක

රැකියා අහිමිව මැදපෙරදිග කලාපයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස 20000කට ආසන්න බව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී.

ඒ අනුව රැකියා අහිමිව රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට එම රටවල පවතින නීතියට යටත්ව, නව රැකියා අවස්ථා සලසා දීමට පියවර ගන්නැයි, කාර්යාංශය මේ වනවිට තානාපති අංශවලට දැනුම් දී ඇත

නව සේවා යෝජකයින් හරහා ඒ සඳහා අවස්ථාව සලසන ලෙසද කාර්යාංශය මෙහිදී ඉල්ලා ඇත.

මෙරට පවතින වසංගත තත්වය යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තවදුරටත් ප්‍රමාදවන බව,ද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත