නවතම පුවත්

කොළඹ පාකින් ටිකට් සල්ලි රජයට දී නෑ – නගර සභාව නිදි?

අසංක

අසංක

කොළඹ නගරයේ රථ වාහාන ගාල් කිරිම සදහා ටිකට් නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව බාරදී ඇති ආයතනය මේ වනවිට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කර ඇති නමුත් නගර සභා නිලධාරීන් ඊට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව දැනගන්නට ඇත.

ඒ අනුව මෙම ආයතනයට , ගිවිසුම් උල්ලංඝනය කරමින් මහජන මුදල් වන්චකිරීමට ඉඩ ලබාදී ඇති
කොළඹ නාගරික මන්ත්‍රීනි .ශර්මිලා ගෝනවෙල මහත්මිය අවධාරණය කර සිටී

මෙම කොන්ත්‍රාත් ගිව්සුමට අනුව ටිකට් නිකුත් කිරීමේ යන්ත්‍ර 160 ස්ථාන ගත කළ යුතු වූවත් මෙතෙක් යොදා ඇත්තේ යන්ත්‍ර 100 පමණි .

එසේම පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා ටිකට් නිකුත් කර ජනතාවගෙන් අයකරගත් මුදල් මේ වනතුරුත් නගර සභාවට ලබා දි නැති බවද කොළඹ නාගරික මන්ත්‍රීනි .ශර්මිලා ගෝනවෙල මහත්මිය අප වෙබ් අඩවියට පැවසීය .

ගිවිසුමේ සදහන් ආකාරයට වගන්ති කඩ වුවහොත් දිනකට රුපියල් 30,000 බැගින් වූ දඩ මුදලක් සභාවට මෙම ආයතනය ගෙවිය යුතුවන නමුත් – කිසිවිටක මෙම දඩ මුදල්ද සභාවට ලැබි නොමැති බව ඇය සඳහන් කළාය .

,වාහන නවතා තැබ්ම සදහා ගෙවිමක් කල යුතු බවට දැක්වෙන දැන්විම් පුවරු සේම මෙම ගෙවිම් යන්ත්‍ර ඇති තැන් පෙන්වා දිමට අදාළ පුවරුද ආයතනය විසින් ප්‍රදර්ශනය කර නැති බව ගෝනවෙල මහත්මිය පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්