නවතම පුවත්

‘මැරුණත් මැරෙන්නෙත් මේ විදියට’ කී කාර් පිස්සකු වූ ෂැනොන් ඔස්ට්‍රේලියාවේදී ඔහු කී අයුරින්ම මරුට

අසංක

අසංක

ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයකු වන ලොරෙන්සෝ ජූරියැන්ස් හෙවත් ෂැනොන් එරට මෙල්බර්න්හි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙල්බර්න්හි ෆෙර්න්ට්‍රි ගලී මාවතේ දී නිසාන් ස්කයිලයින් රථයක් පදවාගෙන ගිය ඔහුගේ රථය මැස්ඩා රථයක දරුණු ලෙස  ගැටී මීටර් 50ක් පමණ විසිවී ගොස් ෂැනොන්ගේ රථය ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබුණි.

අනෙක් රථය පදවාගෙන ගොස් තිබුණේ 19 හැවිරිදි අයකු වන අතර එහි අනෙක් තිදෙනා ද බාලවයස්කරුවන් බව ඒරට වාර්තා පවසයි. ඉන් එක් අයකු මියගොස් තිබූ අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් රෝහල්ගත කර තිබේ.

මෙල්බර්න් පොලීසිය පවසන්නේ මෙය හදිසි අනතුරක් නොවන බවත් මෙය වැළකිය හැකිව තිබූ නොසැළකිලිමත්කමින් සිදුවූ අනතුරක් බවට සනාථ වී ඇති බවයි.

ෂැනොන් ඇතුළු පවුලේ සියලු දෙනා ඔස්ට්‍රේලියාවට පදිංචියට ගොස් ඇත්තේ මීට අවුරුදු 7කට පෙරය. ඔහු හැම්ප්ටන් පාර්ක් ද්විතියික විද්‍යාලයේ උපාධිධාරියෙකි.

ෆෙරන්ට්‍රි ගලි මාර්ගය ඉතා සුරක්ෂිත මාර්ගයක් වන බවත් මෙම අනතුරුට බලපෑ හේතු අතර ඇල්කොහොල්, වේගය හෝ මත්ද්‍රව්‍ය හේතුවී ඇති ද යන්න පොලීසිය සැකපළකරයි.

ෂැනොන් නවීන වාහන හා රිය ධාවනයට දැඩි සේ ඇලුම් කළ පුද්ගලයෙකි.

මේ වසරේ ගතවූ කාලය තුළ මෙලෙස ඒරටදී අනතුරට පත්වූ ලාංකිකයන් කිහිපදෙනකු පිළිබද වාර්තා කිරීමට සිදුවිය.

මේ වසරේදී වික්ටෝරියා මාර්ගවල සිදුවූ අනතුරු සංඛ්‍යාව 209කි. එය පසුගිය වසරේ දී 152ක් විය.

මේ ෂැනොන් සිය සමාජ ජාල ගිණුමක පළකර තිබූ ‌පෝස්ටුවකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්