මැල්කම් කාදිනල් හිමි අදත් ජනපති කොමිසමට යයි

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට දෙවන දිනටත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද පැමිණ තිබේ.

ඒ, රහසිගත ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පෙරවරු 9.30 ට පමණ කාදිනල් හිමි කොමිසමට පැමිණියේය.

මේ අතර කාදිනල් හිමි ඊයේ දිනයේත් පස්වරු 2.00ට පමණ එම කොමිසම හමුවට පැමිණියේ ය.

පැය 04 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.