නවතම පුවත්

මිඩ්වයිෆ්ට බසයේදී අතවර කළ පොලිස් OIC අත්අඩංගුවට

අසංක

අසංක

පුහුණුව ලබන පවුල් සෞඛ්‍ය සේවිකාවකට මගී බස් රථයක් තුළදී ලිංගික අතවර කළ දොඩංගොඩ පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාව බස් රථයේ සිටි මගීන් විසින් අල්ලා අලුත්ගම පොලිස් ස්ථානයට භාරදී තිබේ.

කටුකුරුන්ද ජාතික සෞඛ්‍ය විදයායතනයේ පුහුණුව ලබමින් සිටින දර්ගා නගරයේ පදිංචි 25 හැවිරිදි තරුණියකට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අතවරකර ඇත. මෙම තරුණිය ඒ වන විට බස් රථයේ ගමන්කරමින් සිට ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිල ඇදුමින් සැරසීය.ඇය කටුකුරුන්ද බස් නැවතුම් පොලෙන් ගොඩවී ඇත්තේ අලුත්ගම බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයකටය. ඒ දර්ගා නගරයේ පිහිටි නිවස බලා යාමේ සූදානමිනි. ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් වන විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සිවිල් ඇදුමින් සැරසී බස් රථයේ ගමන්කරමින් සිට ඇත්තේ මෙම තරුණිය අසුන් ගෙන සිටි අසුනට පිටුපස අසුනේය. පොලිස් ස්ථානාධිපතිවරයා ඇයට ලිංගික අතවර කර ඇත්තේ පිටුපස සිට අසුන අස්සෙන් අත දමමිනි.මෙම අසික්කිත ක්‍රියාවේ නිරතව සිටින පුද්ගලයා පොලිස් නිලධාරියෙක් බව ඇය දැන සිට නැති අතර ඉවසා ගැනීමට නොහැකි වූ තැන ඇය මේ ගැන පවසා ඇත්තේ බස් රථයේ කොන්දොස්තරටය. මෙම අවස්ථාවේදී අලුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙක්ද සිවිල් ඇදුමින් බස් රථයේ ගමන්කරමින් සිට ඇත. මෙහිදී එම සැරයන්වරයා බස් රථයේ සිටි සෙසු මගීන්ගේද සහය ඇතිව අල්ලා අලුත්ගම පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගෙන තිබේ.මෙහිදී කිසියම් පුද්ගලයෙක් විසින් පොලිස් සැරයන්වරයාට පහරදීමක්ද සිදුකර ඇති බව පොලීසිය කියි. සැරයන්වරයාගේ මුහුණට එම පහරදීම සිදුකර ඇත. මෙම පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර අත්තනායක මහතා පැවසීය. බස් රථයක් තුළදී තරුණියකට අතවර කළ පොලිස් නිලධාරියෙක් බස් රථයේ ගමන් කල මගීන් විසින් අල්ලා පොලීසියට භාරදි ඇති බව සැලවීමත් සමග සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා අලුත්ගම පොලිසියට පැමිණ ලබාදුන් උපදෙස් මත සැකකාර පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාවය. තමා එවැනි අතවරයක් සිදු නොකල බව අලුත්ගම පොලීසියේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. එහෙත් තරුණිය තමාට සිදුවූ අතවරය ගැන පොලිස් නිලධාරීන් ඉදිරියේ පැහැදිලිවම ප්‍රකාශයක් ලබාදී ඇත.මෙම සිදුවීමට දොඩංගොඩ පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලක්ව ඇත්තේ සේවය නිමවා නිවසට යමින් සිටියදීය.සැකාකර නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්