නවතම පුවත්

රුවන් විජේවර්ධන ළඟ තිබූ වසර 20ක් පැරණි සිතුවම් හොරු අරන්

අසංක

අසංක

දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති උපදේශක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පදිංචිව සිටින කොළඹ 02 හයිඩ්පාර්ක් පෙදෙසේ පිහිටි නිවසේ දේපොල සොරාගැනීමක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

රුවන් විජේවර්ධන මහතා විසින් කොම්පඤ්ඤවීදිය පොලීසියට (27) දා මේ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලට අනුව රුපියල් දහතුන් ලක්ෂ දොලොස්දහස් පන්සියයක් වටිනා අත්ඔරලෝසුවක් සහ මිල කළ නොහැකි 1807 වර්ෂයට අයත් සිතුවම් 06ක් සොරාගැනීමට ලක්ව ඇත.

මෙම භාණ්ඩ තිබී ඇත්තේ නිවසේ නිදන කාමරයේ බවත් පසුගිය 24 වනිදා ත් 27 වෙනිදා උදෑසන 7.30ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව තිබෙන බවත් රුවන් විජේවර්ධන මහතා විසින් කර ඇති පැමිණිල්ලෙහි සදහන් බව පොලීසිය කියයි.

සිතුවම් සොරාගැනීමෙන්ම පැහැදිලිවන්නේ වටිනාකම ගැන යම් අවබෝධයක් ඇති අයෙක් මෙම සොරකමට සම්බන්ධව ඇති බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ ගැන පුළුල් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවද එම නිලධාරියා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්