මිහිඳු මාවතේ අපරාධ අංශය STF සෝදිසියක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කොළඹ මිහිඳු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ ගොඩනැගිල්ල ඊයේ (21) හදිසියේම පොලිස් විශේෂ කාර්‍ය බළකායේ දැඩි සෝදිසියට ලක්ව තිබේ.

එහිදී අවි ගබඩා මෙන්ම නිලධාරීන්ගේ ලොකර් පවා පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම විශේෂ පොලිස් ඒකකයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් මුල්කරගනිමින් එම පරීක්ෂාව සිදු කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙම විශේෂ පොලිස් කොට්ඨාසය භාරව ඇත්තේ පොලිස් විශේෂ කාර්‍ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා යටතේය.