නවතම පුවත්

මීරිගම ASP හා පල්ලෙවෙල OIC මාරු කළ හේතුව වැ.පොලිස්පති කියයි

අසංක

අසංක

සටහන: විශේෂ වාර්තාකරුවකු විසිනි

මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරීවරයා සහ පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කළ බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

එම මත්පැන් අලෙවි ස්ථානය වැටලීමට පොලීසිය නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) පරීක්ෂණයක් ආරම්භ කළ බව ද පොලිස්පතිවරයා පැවැසීය.

පුද්ගලයන් මියයාම සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යටතේ විශේෂ අපරාධමය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මත්පැන් පානය කළ පුද්ගලයන් මියයාම පිළිබඳ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් පොලිස් නීතිපති කොට්ඨාසය විසින් ද විමර්ශනයක් පවත්වන බව ද හෙතෙම සඳහන් කළේය.

පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකර ඇත්තේ කළුතර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස බව ද හෙතෙම කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්