නවතම පුවත්

කූරගලට විදුලිය ඉක්මනින් දෙනවා – රවී කරුණානායක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් ක්‍රියාත්මක වන  බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මහනුවර නිල සංචාරයකදි  අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැ දැක, සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

කරුණානායක මහතා අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ හමුවූ අවස්ථාවේදී, උන්වහන්සේ අමාත්‍යවරයාට පවසා සිටියේ, සංස්කෘතික ආගමික මෙන්ම පෞරාණික වටිනාකමකින් යුත් කූරගල  විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් විදුලිබලය ලබා දෙන්නේනම්, එය මහගු කාර්යයක් බවයි. උන්වහන්සේගේ ඉල්ලීමට සවන්දුන් විෂයභාර අමාත්‍යවරයා, කූරගල විහාරස්ථානයට නව විදුලි සබඳතාවයක් ලබාදීමට එකඟතාව  පළකර සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සමරන  අවස්ථාවේදී පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කිරීම ආරම්භ කරනවා. දීර්ඝ කාලයක් ඒකාධිකාරියක් පැවති ලංකා විදුලිබල මණ්ඩලය, මේ වනවිට පාරිභෝගිකයා මුල් කරගනිමින් දැන් කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අනුව නව විදුලි බිල් ක්‍රමයක් ඇති කිරිම, ගෘහස්ථ  නව විදුලි සබඳතා සතියක් වැනි කාලයකින් ලබාදිම, පාරිභෝගික ගැටලු වෙනුවෙන් ක්ෂණික විසදුම් ලබාදීම වැනි නව ක්‍රියාමාර්ග රාශියක් දියත් කිරීමට අද ලංවිම සමත් වෙලා තිබෙනවා.

ඒ වගේම මේ වනවිට පරිහරණය කරනු ලබන ගෘහස්ථ  විදුලි මීටර් වෙනුවට පෙරගෙවුම් විදුලි මීටරයක් ඉදිරියේදී හදුන්වාදීමට අපි මේ වනවිට කටයුතු සකස් කරමින් පවතිනවා. සැප්තැම්බර් මස අග වනවිට මේ නව මීටර් ව්‍යාපෘතිය දියත් කිරීමට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා “යැයි ඔහු වැඩිදුරටත්  පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්