නවතම පුවත්

මුඛ ආවරණවලට උපරිම මිලක්

අසංක

අසංක

ඉවත දැමිය හැකි වායු පෙරණ මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් හිතුමතේ අලෙවි කරන බවට පසුගිය දිනවල වාර්තා විය.

ඒ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් මෙම තීරණය ගෙන ඇත.

තීරණයකට අනුව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අද දින (29) පියවර ගෙන ඇත.

මෙම මිල ගණන් අභිබවා මුහුණු ආවරණ අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන් හට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

ඒ අනුව පහත සඳහන් වන්නේ ඒවා අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් ය.

  1. ඉවත දැමිය හැකි මුහුණු ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 යි.
  2. ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 යි.
  3. මුහුණු ආවරණ (එන් 95 වර්ගය – අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වශයෙන් වේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්