නවතම පුවත්

මුතුරාජවෙල හෝටල් සංකීර්ණයක් හදන්න , අධ්‍යයන වාර්තාවක් සැකසේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුතුරාජවෙල ගොල්ෆ් පිටියක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර දී ඇත

මේ පිළිබඳව එම  අධිකාරිය  තමාට  දැනුම් දුන් බවද  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  මාධ්‍ය වෙත  ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මුතුරාජවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තෙත් බිම මේ වනතුරු මායිම් දමා නැති බවද ඒ මහතා මෙහිදී පැවසීය

එමෙන්ම මෙම නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා ගුවන් හමුදාවේ සහය ලබා ගන්නා බවත් විශේෂ කණ්ඩායමක් මුතුරාජවෙල වෙනුවෙන්ම යෙදවීමට බලාපොරොත්තු වන බව ද අමරවීර මහතා කීය.

එම තෙත් බිම වනසන්නන් කවුදැයි අදාළ නොවන බවත් කවරෙක් වුව නීති විරෝධී කටයුත්තක් කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

මුතුරාජවෙල සමහර ස්ථානවල කැලය වවා වසාගෙන සිදුකරන ඉඩම් ගොඩ කිරීම් හා නොයෙක් වංචනික ක්‍රියාවන් ගැන ද තමන්ට වාර්තා වී ඇතැයි අමරවීර මහතා එහි දී කියා සිටියේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි