මුහුණේ හැඟීම් කියවිය හැකි මෘදුකාංගයක් චීනයෙන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මිනිසුන්ගේ මුහුණු  කැමරාගත කර ඒ හරහා ඔවුන්ගේ හැඟීම් කියවිය හැකි සුවිශේෂී මෘදුකාංගයක් නිපදවීමට චීනය සමත්ව ඇත.

මෙම මෘදුකාංගය මගින්  කෘතීම බුද්ධිය  සහිත  සීසීටීවී කැමරා පද්ධතියක්‌ සකස්කර ඇති අතර , එය මේ වනවිට චීනයේ ෂින් ජියැන්ග් ප්‍රාන්තයේ භාවිතයටද ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

මෙම පද්ධතියට  සම්බන්ධ කැමරා මගින් ලබාගන්නා පුද්ගල  සේයාරෑ වෙනමම විශ්ලේෂණය කර එම මුහුණු අයත් පුද්ගලයන්ගේ අදාළ මොහොතේ හැගීම් හදුනාගැනීමට හැකියාව ඇති බව සදහන් වේ.

ආරක්ෂක පියවරක් ලෙස මෙම මෟදුකාංගය යොදාගන්නා බවත් එය ප්‍රාන්තයේ පොලිස් ස්ථානවල ස්ථාපිත කර ඇති බවත් චීන බලධාරීන් සඳහන් කර ඇත බවද වාර්තාවේ .

කෙසේ වෙතත් මෙම නිර්මාණය මානව හිමිකම් වලට පටහැනි බවට බටහිර මාධ්‍ය විසින් චෝදනා නගා ඇත .