දම්පත් රණසිංහ
මත්කුඩු කිලෝ 100කට වැඩි ප්රමාණයක් සමග මුහුදේදි අත්අඩංගුවට ගැනුණු නෞකාවේ සිටි ඉරාන ජාතිකයන් 9 දෙනාගෙන් ඊයේ ප්රකාශ ලබාගෙන තිබේ.
ඒ මෙරට පිහිටි ඉරාන මහකොමසාරිස් කාර්යාලයේ සිටින පරිවර්තකයන්ගේ සහය ලබාගනිමිනි.
ඒ අනුව ඔවුන් පිළිබද ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව පොලිසිය පවසයි.
මත්කුඩු කිලෝ 600ක පමණ තොගයක් රැගෙන මෙම නෞකාව පැමිණ තිබුණේ ඇෆ්ගනිස්ථානයේ සිටයි.
වැටලීමේදී සැකකරුවන් විසින් ඉන් කිලෝ 500ක් පමණ කඩා මුහුදට දමා තිබිණ.