මෙරට මුළු ජනගහනයෙන් 28%කට කොවිඩ් එන්නතක් දී අවසන්

Picture of අසංක

අසංක

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් මීට අද අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට රැගෙනවිත් තිබේ.

ඒ අනුව මේ වනවිට මෙරටට ගෙන්වා මෙරටට ලැබී ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 9.1 කි.

මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලද පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 63 ඉක්මවා තිබේ.

එන්නත් දෙකම ලබාගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 17ක් ඉක්මවා ඇත.

දිස්ත්‍රික්කවල සහ පළාත්වල දෛනික ආසාදිතයන්ගේ ප්‍රවණතා (දින 7හි සාමාන්‍යය) (ජන 1 -ජූලි 20).

මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට ජුලි 19 වැනිදා තෙක් දෛනික පීසීආර්, මරණ අනුපාත, ආසාදිතයන් දින 7හි සාමාන්‍යය.