මෙක්සිකොවේ කොරෝනා මරණ 70,000 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙක්සිකොවේ ගෙවීගිය දිනයේ නව කොරෝනා ආසාදිත මරණ 534ක් වාර්තා කිරීමත් සමග එරට සමස්ත නව කොරෝනා මරණ සංඛ්‍යාව 70,000 සීමාව පසුකර තිබේ.

තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින්, මාර්තු මැද සිට අගෝස්තු මුල දක්වා මෙක්සිකෝවේ අතිරික්ත මරණ දත්තවල විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමෙන් හැඟවෙන්නේ, එරට නව කොරෝනා නිල මරණ සංඛ්‍යාව මීට වඩා දස දහස් ගණනකින් වැඩිවිය හැකි බව යැයිද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙක්සිකෝව ගෙවීගිය දිනයේ නව ආසාදන 5,935ක් වාර්තා කර ඇති අතර, ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 658,299ක් දක්වා ඉහළ ගොස් ඇත.