මෙරටට ගෙන්වන මුඛ ආවරණ-විෂබීජ නාශක බදු ඉවතට

Picture of අසංක

අසංක

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.


ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇත.

දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.