මෙරට ආයෝජනයට ජර්මානු සහය

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් මෙරට රජය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් දියත් කිරීමට ජර්මානු රජය එකගතාව පළකර ඇත.

ඒ අනුව මෙරට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙරට සංචාරක ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් ලබාදීමටද ජර්මනිය එකඟතාව පළකර ඇත.

ඒ සදහා එරට සංචාරක නියෝජිත ආයතන හා ආයෝජකයන් සහ මෙරට බළධාරින් අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹීමට සුදානම් බවත් ජර්මානු තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

එමෙන් ම එරට ආයෝජකයන් ද මෙරට නව කර්මාන්තශාලා ඇරඹීමේ අපේක්ෂාවෙන් සිටින බව ද ජර්මානු තාතාපති ජෝන් රෝහෙඩ් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.