මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා බලපත්වල වලංගු කාලය දින 30 කින් දීර්ඝ කර ඇත.
පසුගිය 14 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත.
වීසා දීර්ඝ කිරීම්වලට අදාළ ගාස්තු ගෙවා තම විදේශ ගමන් බලපත්‍රයේ පිටසන් කිරීමට ලබන මස 08 හා 09 දිනවල එක් දිනක පමණක් බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණිය යුතු බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී
එම දිනයට පෙර අදාළ විදේශිකයා රටින් පිටවීමට අදහස් කරන්නේ නම් වීසා දීර්ඝ කිරීමට අදාළ ගාස්තු ගුවන්තොටුපොළේදී ගෙවිය හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය.
එහිදී දඩ මුදල් අය නොකරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.