නවතම පුවත්

මෙරට එන සංචාරකයන්ට සීමා ලිහිල් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

මෙරටට සංචාරකයින් ගෙන්වීම සදහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත .

, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව නිකුත්ව ඇති මෙම මාර්ගෝපදේශ මාලාව අනුව සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගත් සංචාරකයින්ට සහ ජෛව ආරක්ෂිත සංචාරක බුබුලේ දින 14 ක් සම්පූර්ණ කළ අයට බුබුලෙන් පිටතට ගොස් රටේ සෙසු ප්‍රදේශවලට යාමට නිදහස ලබාදී තිබෙ

ජෛව ආරක්ෂිත සංචාරක බුබුල තුළ දින 14 ක නිරෝධායනය සම්පූර්ණ කර ඇති හා පූර්ණ එන්නත ලබා ගත් සංචාරකයින්ට සහ සංචාරක හෝටල් සදහා බලපැවැත්වෙන පරිදි මෙය නිකුත් කර ඇත .

ඔවුන්ට ඕනෑම සංචාරක හෝටලයකට ඇතුළු වීමට ද අවසර හිමි වන බව මෙහි දැක්වේ . විදේශීය සංචාරකයින් සඳහා සේවා සපයන සංචාරක හෝටල් සඳහා ද නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙ.

ඒ අනුව හෝටල් කළමනාකරණය මඟින් පිළිගත යුත්තේ එන්නත් සහතිකය සහිත සංචාරකයින් පමණයි. අනිවාර්ය නිරෝධායනය සම්පූර්ණ කළ සංචාරකයින්ට හෝටලයේ පහසුකම් ලබා ගත හැක.

අවන්හල්, මත්පැන්හල් ඇතුළු පොදු පහසුකම්, අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ අවසර ලත් උපරිම ධාරිතාවට අනුකූලව සංචාරකයින් සඳහා විවෘතව තැබිය හැක.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය සහිත සංචාරක හෝටල් තුළදී සංචාරකයින්ට මත්පැන් පානය කිරීමට ද අවසර දී තිබෙ.

මෙලෙස පැමිණෙන විදෙස් සංචාරකයින්ට මෙරට සංචාරක ස්ථාන නැරඹීමට, අදාළ හෝටලය මඟින් ප්‍රවාහන පහසුකම් ලබාදීමටද අවසර ලබාදී ඇත.

එන්නත් නොකළ හෝ අර්ධ වශයෙන් එන්නත් නොකළ සංචාරකයින් සඳහා ජෛව ආරක්ෂිත සංචාරක බුබුල ක්‍රියාත්මක වන්නේ ආරක්ෂිත සහ ආරක්ෂිත මට්ටමේ 1 සහ 2 යන මට්ටමේ හෝටල් සදහා පමනි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්