මෙරට කොරෝනා රෝගීන් සමස්තය 869ක් – 366කට සුවයි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 23 දෙනෙක් අද පූර්ණ සුවය ලබා නිවෙස් කරා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හමු වූ මුළු කොරෝනා රෝගීන් ගණන් 869 කි.

ඉන් දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 494 වෙයි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.