නවතම පුවත්

මොන බාධක ආවත් අතහැරිය නොහැකි ජාතික යුතුකම් ද ඉටුකරනවා – ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියද අතහැරිය නොහැකි ජාතික වගකීම්‌ හා යුතුකම්‌ සමුදායක්‌ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ පටන් අපේ පාලකයෝ විශ්වාස කළ අතර ඒ සම්ප්‍රදාය යුගයෙන් යුගයට භාර කළ අයුරින්ම, අතීත රජවරු රටේ සියලු නායකයෝ ගත් මග ගනිමින් තමාද දොහොත් මුදුන් තබා දළදා සමිඳුන්ට කළ යුතු ගරු බුහුමන් වෙනුවෙන් කැප වී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඓතිහාසික දළදා පෙරහර මංගලාය සාර්ථකව පවත්වා, ඇසළ මහා මංගල්‍යය සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (23) පස්චරුවේ පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

දේශයේ චිචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින්‌ පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන්‌ කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදාමාළිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප්‌ නිලංග දෑල මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පෙරහරේ ගමන්‌ කළ අලි ඇතුන්‌ වෙනුවෙන්‌, බන්දා හස්තියාට පලතුරුවලින්‌ සංග්‍රහ කිරීම ජනාධිපතිවරයා අතින්‌ සිදු කෙරිණ.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා සංදේශය ඉදිරිපත්‌ කරමින්‌ කොචිඞ්‌ වසංගතය හමුවේ වුවද එළෙතිහාසික දළදා පෙරහර මංගලාය සාර්ථකව පැවැත්වීමට සහාය දුන්‌ රජයටත්‌, සියලු පාර්ශ්වයන්ටත්‌ සිය ස්තූතියි පිරිනැමීය.

කොචිඩ්‌ වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නියමයන්‌ ආරක්ෂා කර, මෙවර පෙරහර මංගල්‍ය පවත්වා අතීත වගකීම, අනාගත පරපුරට පෙන්වා දීමට හැකි වු බව ජනාධිපතිවරයා සඳහන්‌ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්