ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන දේශපාලන විසදුම ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට පිළිගත හැකි අකාරයේ එකක් විය යුතු බව ඉන්දියාව අවධාරණය කරසිටී
මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයාටද ඉන්දියාව දන්වා ඇති බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා එරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සඳහන් කර ඇත.
එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ සියලු ප්‍රජාවන්ට පිළිගත හැකි ලෙස 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දියාව අවධානය යොමු කල ඇති බවත් ඒ පිලිබඳ ඉන්දීය මතය ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා වෙතද දැනුම් දුන් බවත් මුරලිදරන් මහතා පවසා ඇත.
එය ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය සහ මානව හිමිකම්වලට ගරු කිරීමපදනම් කරගත් දේශපාලන විසදුමක් විය යුතු බවද ඉන්දීය මතය වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවස ඇත