නවතම පුවත්

මෙරට ණය හිමියන්ගේ සමුළුවක් ජපානයේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සදහා සම්මන්ත්‍රණයක් සංවිධාන කිරීමට ජපානය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම සම්මන්ත්‍රණය සමග ශ්‍රී ලංකාවේ ණය ගැටලුව බොහෝ දුරට විසදා ගැනීමට හැකි වනු ඇති බවයි මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. සම්මන්ත්‍රණයට චීනය සහභාගී වන්නේද යන්න පිලිබදව මෙතෙක් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කළා. චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියකු වනවා.ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ණය හිමියා වන්නේ ජපානයයි.

කෙසේ වෙතත් චීනය ඉන්දියාව ආදී රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ආතතිකාරී තත්ත්වයන්, බාධාවන් එල්ල කරන බවද විදෙස් මාධ්‍ය පැවසුවා. කෙසේ වෙතත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග තම රජය ධනාත්මක ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි.

ණය හිමියන්ගේ සමුළුව බොහෝ දුරට සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ලේෂණයෙන් පසුව ණය හිමියන් සිය ක්‍රියාමාර්ග ගනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්