මෙරට තුළ PCR ටෙස්ට් 150,000ක් කර අවසන්

Picture of අසංක

අසංක

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා මේ වනවිට මෙරට තුල PCR පරීක්ෂණ 150,000ක් සිදුකර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අනාවරණය කර සිටී.

“කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රෝගීන් ආශ්‍රිතව පමණක් මේවනවිට PCR පරික්ෂණ 8,200 ක් පමණ සිදුකර අවසන් බවද ඇය මාධ්‍ය වෙත පැවසීය.

වෛරසය සමාජගතවීම වැළැක්වීම සදහා රජයක් විදිහට අවශ්‍ය පියවර ගෙන, ඇති බවත් තවදුරටත් අවශ්‍ය පරිදි පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහල නංවන බවත් ඇය මෙහිදී පැවසීය.