රට තුළ දියවැඩියා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට ජනගහනයෙන් 14.6%ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකුලව වයස අවුරුදු 18 – 69 අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය කළ පරිදි සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙරට දියවැඩියා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න මහත්මිය පවසයි.
2015දී කළ සමීක්ෂණයේදී රෝගීන් ප්‍රමාණය 7.4ක් ලෙස වාර්තා වී තිබූණි.
මේ වනවිට එය 14.6% දක්වා වැඩිවී ඇත.
මෙරට තුළදී දියවැඩියා රෝගයේ ප්‍රභේද කිහිපයක් ද හඳුනාගෙන තිබේ.