නවතම පුවත්

මෙරට නිමි ඇදුම් ක්ෂේත‍්‍රයේ වර්ධනයක්

අසංක

අසංක

මෙරට නිමි ඇදුම් ක්ෂේත‍්‍රය පසුගිය දෙසැම්බරයට සාපේක්ෂව පසුගිය මාසයේදී වර්ධනයක් පෙන්නුම් කරන බව ශ‍්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව නිමි ඇදුම් ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන, රැකියා නියුක්තිය යන අංශවල සැළකිය යුතු වර්ධනයක් දක්නට ලැබී තිබේ.

2018 දෙසැම්බරයට සාපේක්ෂව 2019 ජනවාරි මාසයේදී පැවැති රැකියා පුරප්පාඩු පිරවීම සදහා සිදුකරන ලද නව බදවා ගැනීම් හේතුවෙන් රැකියා නියුක්තිය තුළ මෙම වර්ධනය වී තිබුණි.

පෙර මාසයෙන් ඉදිරියට ගෙන ආ ඇණවුම් හේතුවෙන් නිෂ්පාදනයෙහි ද වැඩිවීමක් වී ඇතැයි මහබැංකු දත්ත අනාවරණය කරයි. උත්සව සමය අඩුවීමත් සමග නව ඇණවුම් අඩු වී තිබිණ.

නව ඇණවුම්වල ඇතිවූ මන්දගාමී වැඩිවීම පෙර මාසයෙන් ගෙනා අමුද‍්‍රව්‍ය තිබීම නිසා තොග මිලදී ගැනීම් ද අඩුවීමක් සිදුවී තිබේ.

මේ අතර ගෝලීය ගැනුම්කරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 0.8 කින් පහළ ගොස් තිබිණි.
ඒ අනුව ජනවාරි මාසයේදී එය 50.7ක් ලෙස වාර්තා විය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

මූලාශ‍්‍ර – ශ‍්‍රී ලංකා මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්