නවතම පුවත්

මෙරට බෝට්ටුවකින් අල්ලාගත් සැකකරුවන් 2ක් එල්ටීටීඊයේ අනාගත සැලසුම් ගැනත් ඉන්දියාවේදී හෙළිවෙයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හා අවිආයුධ ජාවාරම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් තමිල්නාඩු ජාතිකයින් දෙදෙනෙකු එල්ටීටීඊයේ සාමාජිකයින් බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් එරට විශේෂ අධිකරණයට දන්වා තිබේ.  මත්ද්‍රව්‍ය ජාවාරම් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා වන එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් වන්නේ සුරේෂ් රාජ් සහ සෞන්දරාජන් ය.

ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවකින් අවිආයුධ, පතොරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් ද සිට තිබූ අතර ඒ අතර සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමඟ සම්බන්ධ වී සිටින බවට අනාවරණය වූ බව ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) අධිකරණයට පවසා ඇත.

මෙම සැකකරුවන් පසුගිය වසරේ දී ලක්ෂද්වීපයෙන් ඔබ්බෙන් වන මුහුදේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ගත් අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) වෙත භාරදී තිබුණි.

ශ්‍රී ලංකාවේ, තමිල්නාඩුවේ, සහ වෙනත් විදෙස් රටවල එල්ටටීටීඊ නායකයින්ගේ අධීක්ෂණය යටතේ එල්ටීටීඊයේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා මොවුන් දෙදෙනා රහසිගතව කටයුතු කරමින් සිට ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ රන් ජාවාරම සහ හවාලා මෙහෙයුම් තුළින් කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා මෙම සැකකරුවන් දෙදෙනා විශාල මුදලක් එකතු කර ගෙන ඇති බව විමර්ශනයේදී හෙළිවූ බව එන්අයිඒ පවසයි. අවි හා පතරොම් එකතු කිරීමේදී කොටි නායකයින් කිහිප දෙනෙකුගේ නම් සහ අරමුදල් තබා ගැනීමේ ක්‍රම සහ සංවිධානයේ අනාගත සැලසුම් ද චූදිතයන් විසින් හෙළිදරව් කර තිබුණි. මෙම අංශ පිළිබඳව විමර්ශන කටයුතු කරගෙන යන බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණයට සදහන් කර ඇත.

චූදිතයන්ගෙන් එකතු කරන ලද ඩිජිටල් සාක්ෂි මඟින් මෙම කරුණු සනාථ වී ඇති බව නියෝජිතායතනය කොචිහි NIA විශේෂ අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා පවසයි.

ධීවර යාත්‍රාවේ හිමිකරු වූ එල්.වයි.නිශාන්ත සහ අපරාධකරුවන් වූ රමේෂ් අරසරතනම්, අංජු, දීපා රාජන් රංගන් සහ හජි සලීම් යන අයගේ භූමිකාව පිළිබඳ අපරාධ පරීක්ෂණ වලදී හෙළිදරව් වූ බව ද අධිකරණයේදී දන්වා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි