නවතම පුවත්

ADB සහන ණය බිලියනයක් දක්වා වැඩි කෙරේ

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන සහනදායී ණය මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල්, කෙනිචි යොකෝයාමා මහතා මේ බව පවසා ඇත. පසුගිය වසරේ දී මෙරටට ලබාදී ඇති සහනදායී ණය මුදල ඩොලර් මිලියන 750කි.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති සාර්ථකත්වය තුළින් අභියෝග හමුවේ ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන බව කෙනිචි යොකෝයාමා මහතා මෙහිදී සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ අතර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකෝයාමා මහතා පවසයි.

ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පවසා තිබේ.

සමස්ත රාජ්‍ය සේවාවත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශත් එක්ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා ‍මෙහිදී පෙන්වා දුනි.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනය රජයේ අභිප්‍රාය ය බවත් ඒ සඳහා සූර්ය හා සුළං මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කාබනික පොහොර භාවිතය සඳහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති අතර කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත් වන ලෙස ද ජනාධිපතිවරයා කෙනිචි යොකෝයාමා මහතාගෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි පිරිසගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා ‍මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම ආර්ථිකමය වශයෙන් ඵලදායී වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි