නවතම පුවත්

මෙරට භූ කම්පන ගැන සොයන්න කණ්ඩායම් දෙකක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් වාර්තාවී තිබුණි.

මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (10) දහවල් භූ චලන දෙකක් ඇතිවිය.

ඒ, රික්ටර් මාපාංක 3 ක අගයකින් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසිනි.

කෙසේ වෙතත් ප්‍ර‍දේශවාසීන් පැවසුවේ අද සිදුවූ භූ චලනයේ බලපෑම තමන්ට නොදැණුනු බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ තරංග මුණසිංහ මහතා සඳහන් කළේ,

“මෙම කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වනවිටත් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කෙරෙනවා.”

මේ අතර බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

“ජාත්‍යන්තර දත්ත අනුව බුත්තල භූ කම්පනයක් වාර්තා වෙන්නේ නැහැ. බුත්තල වැල්ලවාය ප්‍රදේශවලට දැනිලා තියෙන්නේ මේ කලාපයේ සිදුවූ භූ කම්පනවලින් එකක්. බොහෝවිට කාල්ස්බර්ග් මවුන්ට් කියන මුහුදු පතුලේ තිබෙන කන්දක සිදුවුණු භූ කම්පනයක් තමයි අපිට දැනෙන්න ඇත්තේ.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි