නවතම පුවත්

ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා ඉන්දියාවයි – අගමැති කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2023 පෙබරවාරි 7 වන දින “ටාටා ටිස්කොන් අලෙවිකරුවන්ගේ සමුළුව 2023” අමතමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දියානු ආයෝජකයන්ට ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආයෝජනවල ප්‍රතිලාභ ගෙනහැර දැක්වූ අග්‍රාමාත්‍යතුමා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් භාවිතා කරන කොටස්වලින් 90%ක් දේශීයව නිපදවා ඇති බව සඳහන් කළේය. එසේම, අර්බුද සමය තුළ ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා ඉන්දියාව බව ද එතුමා ප්‍රකාශ කළේය.

  1. මෙම අවස්ථාව ඇමතූ මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේ ඉන්දීය රජය සහ ඉන්දියානු සමාගම් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාවේ සහ විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් ඇතුළු අනෙකුත් රටවල ජනතාවට ප්‍රතිලාභදායි සබඳතා ගොඩනැගීමට කටයුතු කරන බවයි. මෙම ක්‍රියාදාමය පසුපස පවතින ජවය වන්නේ ප්‍රජා කේන්ද්‍රීය ව්‍යාපාර පැවතුම් සහ ලොවම එක් පවුලක් හෙවත් වාසුධායිව කුටුම්බකම් යන දර්ශනය බව එතුමා පැවසීය.
  2. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ශිෂ්ටාචාරමය වශයෙන් නිවුන් සහෝදරයන් බඳු යැයි පැවසූ මහ කොමසාරිස්තුමා ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් දෙරට ජනතාව අතර මෙන්ම ව්‍යාපාර අතර ද සබඳතා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළේය. විවිධ ඉන්දියානු ව්‍යාපාර ආයතන මෙම සමුළුව සඳහා සහභාගී වීම දෙරට අතර සම්බන්ධතාවය පිළිබඳව පමණක් නොව ශ්‍රී ලංකාවේ ශක්‍යතාවය පිළිබඳව ද විශ්වාසය පළ කරන හොඳම නිර්ණායකයක් බව එතුමා සඳහන් කළේය.
  3. දෙරට අතර ව්‍යාපාරික සහ වාණිජ සබඳතා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි. 2021 වසරේදී ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයා මෙන්ම විශාලතම අපනයන ගමනාන්තය වූයේ ඉන්දියාව යි. ඉන්දියාව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට ද වේ. ආර්ථික ක්‍රියාකාරකම්, නිෂ්පාදනයන් සඳහා අගය එකතු කිරීම, සේවා, ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා උත්පාදනය සහ විවිධ සමාජ සුබසාධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකා ජනතාවට ලබා දෙන ඍජු සහයෝගය හරහා ඉන්දියානු සමාගම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්