මෙරට මුළු ජනගහනයෙන් 13%කට කොවිඩ් එන්නත්කරණය අවසන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 13%ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

එමෙන්ම මෙරට මුළු ජනගහනයෙන් 36%ක් කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව ද එම කාර්යාංශ දත්ත අනාවරණය කළේය.

මෙරට තුළ ජනතාවට ලබාදී ඇති මුළු කොවිඩ් එන්නත් මාත්‍රා ගණන 6,057,767කි.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස ඊයේ වන විට ලක්ෂ පහලව ඉක්මවා ගොස් තිබූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව යන දෙකම ලබාගත් හෙවත් පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස 1537230 වන බවද කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 385885ක් වන අතර සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 1136881කි.

ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 14460කි.

එමෙන්ම කොවිඩ් එන්නත් එක මාත්‍රාවක් ලබාගත් පිරිස 4,520,537කි.

ලබන සැප්තැම්බර් මාසය වනවිට මෙරට තුළ 40%කට වැඩියෙන් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීම රජයේ අපේක්ෂාවයි.