මෙරට විවාහ සිදුවීම 12%කින් පහළට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත විවාහ සංඛ්‍යාව පසුගිය වසර වනවිට පෙර වසරට සාපේක්ෂව 12%කින් පහත වැටී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සියලුම දිස්ත්‍රික්කවලින් විවාහ ලියාපදිංචිය පිළිබඳ ලද දත්ත මත මේ බව අනාවරණය වූ බවයි.

දිවයිනේ සමස්ත විවාහයන් සංඛ්‍යාව 2019 වසරේ 163,378 ක් විය.

එය 2020 වසරේ 143,061ක් දක්වා අඩු වී තිබේ.

පසුගිය වසරේ එනම් 2020 දී වැඩිම විවාහයන් සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. ඒ 14,617 කි.

අඩුම විවාහ සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර පසුගිය වසරේදී එහි ලියාපදිංචි වී ඇති විවාහ සංඛ්‍යාව 893කි. 2019 වසරේදී එම දිස්ත්‍රික්කයේ විවාහ 1051ක් සිදුව ඇත.

2019 සහ 2020 දෙවසර තුළ දී මෙරට දිස්ත්‍රික් වශයෙන් සිදුවූ විවාහ සංඛ්‍යාත්මක වගුව පහත දැක්වේ.

2018 සහ 2017 වසරවලට සාපේක්ෂව පසුගිය දෙවසරේදී මෙරට සිදුවූ විවාහ සංඛ්‍යාව ශ්‍රී ලංකා මහබැංකු දත්ත දක්වා තිබුණේ පහත පරිද්දෙනි. මෙරට සාමාන්‍ය නීතිය, උඩරට නීතිය හා මුස්ලිම් නීතියට අනුව විවාහ සිදුවීමේ සංඛ්‍යා වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.