නවතම පුවත්

මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන (New Energy Vehicles – NEV) සැපයීම සඳහා ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමඟ සහයෝගීතාවයකට එළඹ තිබේ.

මෙම ව්‍යාපාරික සහයෝගීතාවය සඳහා ගිවිසුම් අත්සන් තැබීම චීනයේ Shenzhen හි BYD ගෝලීය මූලස්ථානයේදී සිදුකෙරුණු අතර ඒ සඳහා BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා එක්විය.

මෙම හවුල්කාරීත්වය හරහා ලොව උසස්ම තත්ත්වයේ NEV වාහන මාදිලි ශ්‍රී ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, ශ්‍රී ලාංකේය ජනතාවට ලොව ප්‍රමුඛතම NEV තාක්ෂණයන් සපිරි වාහන අත්දැකීමේ අවස්ථාව ලබා දීමට ඉඩ සලසන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසීය.

වර්තමානයේ දී BYD හි නව බලශක්ති වාහන මහාද්වීප 6 ක්, රටවල් 70 කට වැඩි ප්‍රමාණයක් සහ නගර 400 කට වඩා වැඩි ප්‍රමාණයක භාවිතයේ පවතී. 2022 වසරේ දී පමණක් BYD විසින් ගෝලීය වශයෙන් නව බලශක්ති වාහන මිලියන 1.86 කට වඩා අලෙවි කර ඇත. 2023 අගෝස්තු 9 වන දින, BYD සිය පනස් ලක්ෂය වෙනි වාහනය නිපදවා ඇති අතර NEV වාහන පනස් ලක්ෂයක් නිෂ්පාදනය කළ ලොව පළමු වාහන නිෂ්පාදකයා බවට ඒ අනුව BYD පත්ව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්