නවතම පුවත්

මෙරට සංචාරක ක්ශේත්‍රය දියුණු කරන්න ජාත්‍යන්තර සමාජ ජාලකරුවෝ එක්වෙති

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යලි ගොඩනැංවීම අරමුණු කොට , ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවි රචකයින් , යු ටියුබ් නිර්මාණකරුවන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ශ්‍රී ලංකා සංචරණය විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .

මෙහිදී විශේෂයෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලොව පුරා විසිරී සිටින සංචාරකයින් දැනුවත් කිරීම සඳහා මෙම සංචාරක වෙබ් රචකයින් , සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා සංචරණය සැලසුම් කර ඇත .

ඒ අනුව ලොව පුරා අතිශය ජනප්‍රිය සංචාරක වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය නාලිකාවන්හි හිමිකරුවන් හා නිර්මාණකරුවන් තෝරාගෙන , ඔවුන්ට මෙරට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වෙත ගොස් අත්දැකීම් ලබාගැනීමට ඉඩ සැලැස්වීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා ඇත.

දැනටමත් අනුරාධපුරය , යාපනය ,උඩරට කඳුකරය , සබරගමු පළාත හා ගම්පහ ප්‍රදේශ තුල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇත .

මෙහිදී මෙරට ජෛව විවිධත්වය , දුර්ලභ සංචාරක ආකර්ෂණ පිළිබඳව මෙන්ම මෙරට සත්කාරකත්වය පිළිබඳවද මෙම සමාජ මාධ්‍යකරුවන් වෙත අත්දැකීම් ලබාදීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ .

මෙම වැඩසටහන යටතේ ඇමරිකාව කේන්ද්‍රකරගත් සංචාරක යු ටියුබ් නාලිකාවක හා වෙබ් අඩවියක හිමිකරුවෙකු වන ජොනි ජෙන්ස් සඳහා සම්පූර්ණ සත්කාරකත්වය සැපයීමට මේ දිනවල ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා ඇත .

@Johnny FD නමින් හැඳින්වෙන ඔහුගේ චැනලය වටා ඇමෙරිකාවේ මෙන්ම යුරෝපයේ රටවල් රැසක ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් එක්වී සිටී .

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතාමත් ආරක්‍ෂිත බවත් , මෙරට සංචාරය කිරීමට ලැබීම තමා ලද වාසනාවක් වන බවත් ජොනී තම නාලිකාවේ සඳහන් කර ඇත

ජොනී ජෙන්ස් ගේ නාලිකාවේ ලිපිනය –

JohnnyFD

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්