මෙවර අයවැයෙන් වාහන බදු වැටුණු හැටි

Picture of අසංක

අසංක

මෝ ටර් රථ වාහන සඳහා අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ නැංවීමට මෙවර අයවැය 2019 තුළින් යෝජනා වී ඇත.
ඒ අනුව එක් එක් වර්ගයේ රථ වාහනවල බදු පහත පරිදි සංශෝධනය වනු ඇත..

පෙට්‍රල් වාහන –
සිලින්ඩර ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් ද වැඩි කෙරේ.

හයිබ්‍රිඩ් වාහන-
සිලින්ඩර ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින්වැඩි කෙරේ.

විදුලි වාහන-
කි.වො. 70 මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 අඩු කෙර්.

ත්‍රීරෝද රථ-
සිලින්ඩර ධාරිතාව 200 ක් වන ත්‍රීරෝද රථ මක නිෂ්පාදන බද්ද රු. 60,000 වැඩි කරේ.

පැතුම් වික්‍රමරත්න