නවතම පුවත්

මෙවර ආසියාවේ අනාගතය ගෝලීය සම්මන්ත්‍රණය ජනපති අමතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍මේ වසරේ මැයි මස 28 සහ 29 දෙදින තුල ජපානයේ ටෝකියෝ නගරයේදී පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිත අතර එහිදී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

මැයි 28 සහ 29 දෙදින  ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිතුමා ඇරයුම් ලැබ සිටී.

ජනාධිපතිවරයාගේ චාරිකාව සාර්ථක සහ ඵලදායී එකක් වනු ඇති බවට ජපාන රජය සහතික වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සඳහන් කළේය.

සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වෙති.

සමෘද්ධිමත් කලාපයක් නිර්මාණය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන සම්මන්ත්‍රණය 1995 වර්ෂයේ දී ඇරඹිණ.

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද තානාපතිවරයා පැවසීය. ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුව ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා කීය.

ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්