‘මේ අමාත්‍ය ධූර වරප්‍රසාද නෙවෙයි, වගකීම්’ – ජනපති අලුත් ඇමතිලාට කියයි

Picture of අසංක

අසංක

“මට ඕනෑ වුණේ කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව වගේම අඩු රාජ්‍ය ඇමති ධුර සංඛ්‍යාවක් පවත්වා ගන්නයි. නමුත් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති වැඩකටයුතු බොහොමයි. ඒ නිසා රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව එලෙසම තබන්න මම තීරණය කළා.” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව පවසන්නේ මේ වනවිට ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වෙන නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය අමතමිනි.

රාජ්‍ය අමාත්‍ය ධූර 35ක් හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 3ක් මෙහිදී පිරිනැමීය.

“රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ භාරදෙන ලෙස මම අමාත්‍යවරුන් වෙත මතක් කරනවා. මේ රාජ්‍ය හෝ කිසිම අමාත්‍ය ධූරයක් වරප්‍රසාදයක් නෙවෙයි. මේ හැම අමාත්‍ය ධුරයක්ම වැඩ කරන්න දෙන වගකීම්. තනතුරු නොලැබුණත් මන්ත්‍රීවරුන්ට වැඩ කිරීමට යොදාගන්නා ලෙස මම යෝජනා කරනවා” යැයි ද ජනාධිපතිවරයා කියාසිටියේය.