නවතම පුවත්

‘මේ ආණ්ඩුවෙන් ජනමාධ්‍ය අසීලාචාරයේ පරතෙරට ගියා’ – වික්ටර් අයිවන්

අසංක

අසංක

කලින් ආණ්ඩුව පැවැති සමයේ අසීලාචාරවු ජනමාධ්‍යය මේ ආණ්ඩුවේ පසුගිය කාලය තුළ අසීලාචාරයේ පරතෙරට ගිය බවත් නැවත ශීලාචාර කළ නොහැකි තැනට එය දැන් පත්ව ඇතැයි රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා පැවැසීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කළ අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මැයෙන් වු විවෘත සංවාදයට එක්වෙමින් ශ්‍රි ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේචදී හෙතම අද (17) මෙම අදහස් ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙම සංවාදයේදී ජන මාධ්‍ය දැඩිව විවේචනය කළේය.

බස් මුදලාලිගෙ ජනමාධ්‍යයක් දැන් තියෙන්නෙ. ඒ ගොල්ලන්ගෙ ගමන ඒ ගොල්ලො යනවා. මගේ පුද්ගලික මතය නම් ජනමාධ්‍ය මහජනතාව විසින් ඉතා නුදුරේදි අතට ගන්නවා. මම උදාහරණයක් කියන්නම්. ගාමන්ට් ළමයින්ගෙ කතා දමමින් පුවත්පත් පවා විකුණපු කාලයක් තිබුණා. අදත් විදේශ රැකියාවල නිරත ගෘහ සේවිකාවන්ගැන කතා කරන අකාරය එයමයි. මේ තත්ත්වය නිසා රුපියල් ලක්ෂයක පමණ මාසික වැටුපක් ලබන ගාමන්ට් සේවිකාවක් ඒ ආයතනයෙන් එකවර ඉවත්වී යන්න අවසර ඉල්ලුවා. මේක ගැන පුදුම හිතිලා ඒ ආයතනය මේ ළමයගෙන් මේක ප්‍රශ්න කරන කොට ඇය කිව්වෙ කසාද බදින්න ඔන නිසා මේ රස්සාවෙන් ඉවත් වෙනවා කියලයි.

අද ජනමාධ්‍ය පත්වෙලා තියෙන්නෙත් ඒ තැනට. ඔවුන් එදා මේවා කල්පනා කළේ නැහැ. තවත් විධියකින් කිව්වොත් කාලයක් තිබුණා මේ රටේ චිත්‍ර කතා පත්තර ලක්ෂ 6-7 විකිණෙන කාලයක්. මේ කාලයේ උණුකැවුම්වගේ ගියපු චිත්‍ර කතා දැන් විකුණගන්න බැහැ. ඉතා කෙටි කාලයකින් චිත්‍ර කතා අයින් වෙලා ගියා. මේ සිදුවෙමින් තිබෙන්නෙ එවැන්නක්. ඒ නිසා ග්‍රාමීය සමාජයට ගිය පසු මහජනතාව කරන ප්‍රධාන විවේචන දෙකක් මා දකිනවා. එකක් ජනාමධ්‍යයේ හැසිරීම. අනෙක පුජකවරුන්ගේ පැවැදි සමාජය පිළිබදව තිබෙන විවේචනය.

මම කියන්නෙ දේශපාලඥයා හෝ වෙනත් කිසිදු වෘත්තියකට පෙර ජනමාධ්‍යයයේ අසීලාචාරත්වය ගැන කතා කොට එතැනින් එළියට එන විධියක් ගැන අප කතා කළ යුතුයි. වෛද්‍ය, නීතිඥ, ඉංජිනේරු හෝ වෙනත් ඔනෑම වෘත්තියක් ගත්තත් ඒවායේ පිරිහීමක් මෑතක්වනවිට සිදුව තිබෙනවා. මේ ප්‍රශ්නය කතා කරන සමාජයකයි අප ඉන්නෙ. ගිනි කන්දක්වගේ මේ සියල්ල. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා යමක් කිරීමට. මහත්මා ගාන්ධි, නේරු වගේ චරිත මුලින් ජනමාධ්‍යවේදීන් ඉන්දියාවේ නිදහස් සටන ජයග්‍රහණය කළේ එවන් පසුබිමකයි. ඉන්දියාවේ එවැනි විප්ලවයක් කොට ඉන්දියාව මෙම තත්ත්වයෙන් පවතින්නෙ ජනමාධ්‍යවේදින්ගේ මුලිකත්වයෙන්. දැන් අපේ රටේ ජනමාධ්‍යවේදින් මේ ගැන සිතා බැලිය යුතුයැයි වික්ටර් අයිවන් මහතා ප්‍රකාශ කළේය.

නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය සහ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විවෘත සංවාදයේ මුලසුන දෙසුම්වලට එක්ව සිටියහ.

මෙම අවස්ථාවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරුවන්වන සුනන්ද දේශප්‍රිය, සීතා රංජනී ඇතුළු මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, ශ්‍රි ලංකා පුවත්පත් ආයතනයේ සහ පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජිතයන් සහ ජන මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්