නවතම පුවත්

සජිත්ගේ උගත්කමේ පැටිකිරිය එළියට

අසංක

අසංක

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් තම නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තහවුරු වන ඡායාරූප කිහිපයක් මුදාහැර තිබේ.

ඒ මේ දිනවල ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතාබහට පිළිතුරු වශයෙනි. කෙසේවෙතත් අපොස සාමාන්‍ය පෙළ විභාග සහතිකය ඉදිරිපත් කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සජිත් ප්‍රේමදාස මහතා වෙත විවේචනාත්මක ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබේ.

මේ අනුව එංගලන්තයේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රීඩා, නායකත්ව හා අධ්‍යාපන යන අංශවලින් දක්ෂතා දැක්වූ ආකාරයත් උසස් අධ්‍යාපන හා උපාධි සඳහා තේරීපත්වීම දක්වාත් පහත කරුණු සමගින් අමාත්‍යවරයා ඡායාරූප මුදාහැර තිබුණේ මෙසේය.

1986 වසරේදී එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ අභියෝගය භාර ගැනීම.

එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ 1985 වසරේ ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම තුන්වන වරටත් නියෝජනය කිරීම හා එම කණ්ඩායමේ ලේකම් ධූරයට පත්වීම.

1984 වසරේ දී එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම දෙවන වරටත් නියෝජනය කරමින් හා කොලින්සන් නිවාසයේ ශිෂ්‍ය නායකයකු වීම.

එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ 1985 වසරේ පාසල් ශිෂ්‍ය නායක තනතුරට පත්වීම.

එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ 1986 වසරේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව යන විෂයන් දෙකටම සම්මාන ලබා ගැනීම.

1986 වසරේදී එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ අභියෝගය භාර ගැනීමත් 1986 වසරේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව” යන විෂයන් දෙකටම සම්මාන ලබා ගනිමින් අධ්‍යාපනයෙන්දක්ෂතා දක්වා උපාධි පාඨමාලාව හැදෑරීම සදහා London School of Economics විශ්ව විද්‍යාලයට අතුලත් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්