මේ වසරේ දී මිලියන 35ක් අන්ත දුප්පතුන් වේවි

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම වසර අවසානය වන විට ලොව පුරා මිලියන 35කත ආසන්න ජනතාවක් අන්ත දුගී භාවයට ඇදවැටෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කර සිටී .

මෙහිදී වැඩිවශයෙන්ම පීඩාවට ලක්වනු ඇත්තේ තුන්වන ලෝකයේ දිළිඳු රටවල් වන අතර , අප්‍රිකානු රාජ්‍යයන් මෙහිදී විශේෂයෙන්ම ආර්ථික අවපාතයන්ට මුහුණදෙනු ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ඒ අනුව ලෝකයේ සමස්ථ ආර්ථිකයද මෙම වසංගතය හේතුවෙන් වසර අවසානයේ සියයට 3.2කින් හැකිලෙනු ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එසේම ලෝකයේ නිෂ්පාදන ක්‍රියාවලියේද විශාල ඇදවැටීමක් මේ හරහා සිදුවන බවද ජගත් සංවිධාන වාර්තාවේ දැක්වේ.