නවතම පුවත්

ලොක්ඩවුන් කාලේ මද්‍යසාර භාවිතය 80%කින් අඩුවෙයි

අසංක

අසංක

කොරෝනා වසංගත නිසා රට අකර්මන්‍ය කල කාලය තුළ මද්‍යසාර භාවිතය සියයට 80‍කින් අඩු වී ඇති අතර දුම්වැටි භාවිතය සියයට 68කින් අඩුවී ඇති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සිදුකල නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මද්‍යසාර සහ දුම්වැටි ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු වීම, ඒවායේ භාවිතය අඩු කිරීමට හෝ නැවැත්වීමට හේතු වන බව මින් තහවුරු වන බවද මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කර සිටී.

ඒ අනුව මත්ද්‍රවය හා දුම්වැටි භාවිතයෙන් නිදහස් වීමේ පහසුව පිළිබඳව මනා අවබෝධයක් මෙම කාලය තුල ජනතාවට ලැබී ඇති බවද මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කර සිටී

මේම නවතම සමීක්ෂණයේ ප්‍රතිඵල සම්භන්ධව නිවේදනයක් නිකුත් කරමින් තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මද්‍යසාර භාවිතා කරමින් සිටි පුද්ගලයන්ගේ භාර්යාවන්ගේ ප‍්‍රතිචාරයන්ට අනුව 49‍්‍ර ප‍්‍රකාශ කර සිටියේ ස්වාමියාගේ මද්‍යසාර භාවිතය අවමවීම නිවසේ ප‍්‍රශ්න අඩුවීමට හේතු වු බවයි. පවුල තුළ මුදල් ඉතිරි වු බව 40‍්‍ර ක් ප‍්‍රකාශ කර තිබිණි.

සමීක්ෂණයේ දී දුම්බීම පිළිබඳ අනාවරණය වු කරුණු අනුව සමස්ත නියැදියෙන් 54%ක් කොවිඞ්-19 වසංගතයට පෙර කාල සීමාව තුළ දී දුම්පානය කළ අය වේ.

මෙම ප‍්‍රස්ථාරයට අනුව 68%ක බහුතර ප‍්‍රතිචාරකයින් ප‍්‍රමාණයක් කෝවිඞ්-19 වසංගත කාල සීමාව තුළ දුම්බීම අවම කර ඇත. ඒ අතරින් 48‍්‍ර ක් භාවිතය අඩු කර තිබු අතර සම්පුර්ණයෙන් නැවැත්වු පිරිස 20‍්‍ර කි. මීට බොහෝවිට හේතු විය හැක්කේ දුම්වැටි භාවිතා කරන්නන් වැඩි පිරිසක් මෙම කාලසීමාව තම භාවිතය අඩු කිරීමට හෝ නැවැත්වීමට අවස්ථාවක් කර ගැනීමයි.

මද්‍යසාර ලබා ගැනීම සීමා කිරීම මද්‍යසාර භාවිතය අඩු කීරීමට ප‍්‍රයෝජනවත් බව භාවිතය අඩු කළ පුද්ගලයන්ගෙන් 84%ක අදහස වූ අතර, එවැනි විශාල ප‍්‍රමාණයක් එසේ ප‍්‍රකාශකරන්නට ඇත්තේ ගෙවුණු කාල සීමාව තුළ සාමාන්‍ය තත්වයක දී භාවිතය නැවැත්වීමේ වාසිය බොහෝ දෙනෙකුට විඳගැනීමට නොහැකි වුවත් මෙවැනි සුවිශේෂි අවස්ථාවක එම අත්දැකීම තුළින් එහි වාසිය බොහෝ දෙනකුට අත්විදින්නට අවස්ථාව හිමිවු නිසා යැයි නිගමනය කළහැක.

මද්‍යසාර භාවිතය අඩු කල අයගෙන් 37% ක් ම වසංගත තත්වය පහව යාමෙන් පසුව වුව ද මද්‍යසාර භාවිතය අඩු කිරීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට සුදානම් බව ප‍්‍රකාශ කරන ලදී.

දුම්පානය කරන්නන්ගෙන් 51%ක් ම වසංගත තත්වය පහව යාමෙන් පසු ව වුව ද දුම්වැටි භාවිතය අඩු කිරීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට සුදානම් බව ප‍්‍රකාශ කරන ලදී.

මද්‍යසාර භාවිතා කරමින් සිටි පුද්ගලයන්ගේ භාර්යාවන්ගේ ප‍්‍රතිචාරයන්ට අනුව 49‍්‍ර ප‍්‍රකාශ කර සිටියේ ස්වාමියාගේ මද්‍යසාර භාවිතය අවමවීම නිවසේ ප‍්‍රශ්න අඩුවීමට හේතු වු බවයි. පවුල තුළ මුදල් ඉතිරි වු බව 40‍්‍ර ක් ප‍්‍රකාශ කර තිබිණි.

දුම්පානය කරන්නන්ගෙන් 51%ක් ම වසංගත තත්වය පහව යාමෙන් පසු ව වුව ද දුම්වැටි භාවිතය අඩු කිරීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට සුදානම් බව ප‍්‍රකාශ කරන ලදී.

මේ අනුව පෙනි යන්නේ මද්‍යසාර සහ දුම්වැටි ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩු වීම භාවිතා කරමින් සිටින්නන්ගේ භාවිතය අඩු කිරීමට හෝ නැවැත්වීමට හේතු වන බවයි. සාමාන්‍ය අවස්ථාවලදී භාවිතයෙන් ඉවත්වී සිටීමට සහ එම අත්දැකීම ලබා ගැනීමට අපහසු වුවත් කොවිඞ් 19 වසංගත නිසා අකර්මන්‍ය කාල සීමාවේදී භාවිතයෙන් ඉවත් වී සිටීමේ අත්දැකීම විද ගැනීමට ලැබුණු පාරිසරික පෙළබවීම භාවිතයෙන් නිදහස් වීමේ පහසුව අත්දැකීමට අවස්ථාවක්වු බවයි.

ලෝකය පුරා මද්‍යසාර හා දුම්වැටි කර්මාන්තකරුවන් එම ද්‍රව්‍ය ලබා ගැනීමට සීමාවන් පැණවීමට හැම විටම විරුද්ධ වන්නේ බෝහෝ භාවිත කරන්නන් එම ද්‍රව්‍ය නොමැතිව ජීවත් වීමට හැකි බව තේරුම් ගැනීම සහ විශේෂයෙන්ම එම ද්‍රව්‍යන්ගෙන් නිදහස් වීම ජීවිතය පහසු කරවන්නක් බව තේරුම් ගෙන භාවිතයෙන් ඉවත් වන බැවිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්