මේ වසර පුරාම රුපියල් 75 ට පොල්

Picture of Roshan

Roshan


අසංක නවරත්න

මෙම වසර පුරාම එකම මිලකට පොල් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ලංකා සතොස මගින් පොල් ගෙඩියක් රුපියල් 75 ක ස්ථාවර මිලකට ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙම වසර පුරා ලංකා සතොස අළෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට මෙම මිලට පොල් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (31) පැවසීය.