මේ වෙලාවෙ අපි මොන පක්ෂය නියෝජනය කළත් අපිට ඉන්න පුළුවන් එක හතුරු පක්ෂයක් පමණයි. ඒ තමයි කොවිඩ් (කොරෝනා) ඒ වගේම අපට විරුද්ධ වෙන්න තියෙන්නෙ එක් අංකයක් පමණයි එය 19 යැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පැවැසීය.
ද කළම්බො එක්ස්ප්‍රස් වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතම මේ බව අවධාරණය කළේය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද පැවැසීය.
මෙවැනි ව්‍යවසන අවස්ථාවක කවුරුන් හෝ දේශපාලන කටයුතුවල නියැලෙනවානම් ඔවුන් අපේ පක්ෂයේ වුවද සමාජයට නිරුවත් කළ යුතුයි. වගකීම් විරහිත දේශපාලනය අප විසින් අවසන් කළ යුතු යැයි හෙතම සදහන් කළේය. මේ අතර ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ඇතුළු හිටපු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු අද දින විෂබීජහරණය කළ හැකි දියර ඉසින ටැංකි විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය බලධාරින්ට භාර දී තිබේ.