නවතම පුවත්

විදේශීය පියතුමකු පැවැත්වූ යාපනයේ දේව මෙහෙයකට ගිය 20ක් නිරෝධායනයට

අසංක

අසංක

යාපනයේ අරියාලෙයි ප්‍රදේශයේ දේව මෙහෙයක් පැවැත්වීමට ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පියතුමකු හා සමීපව කටයුතු කළ පුද්ගලයන් විසි දෙනකු දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඔහු දේව මෙහෙයක් සඳහා පැමිණියත් අසනීප තත්ත්වය හේතුවෙන් එම දේව මෙහෙය සිදු කර නොමැති අතර ඒ සඳහා පුද්ගලයින් දෙසියයක් පමණ සහභාගී වී ඇත.

කෙසේ වෙතත් මුල් ගල් තැබීමේ උත්සව අවස්ථාවකට විදේශික පියතුමා සම්බන්ධ වී ඇති නමුත් එම අවස්ථාවට සහභාගී වී ඇත්තේ පුද්ගලයන් 15 දෙනෙකු පමණි.

අසනීප තත්ත්වය මත මෙම පියතුමා සිය රටට සියරටට පසුගිය 15 වැනිදා යළි ගොස් තිබේ.

ඉන්පසුව ඔහුගේ බිරිඳ මෙරටට දුරකථන ඇමතුමකින් දන්වා ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් මෙරට දී ඔහු හා සමීපව කටයුතු කළ සියලු දෙනා වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන ලෙසයි.

ඔහුගේ වෛද්‍ය වාර්තාව අද දිනයේ ලැබෙන බවත් එය මෙරටට යොමුකරන බවත් ඇය පවසා තිබේ.

කෙසේ නමුත් ඔහු හා සමීපව කටයුතු කරමින් පියතුමාට අවතේව කටයුතු කළ විදේශිකයන් සිව්දෙනකු පරීක්ෂාවට ලක්කර ද ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්