ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර සිටින මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍රය ඉන්දීය රජය පිළිගෙන නොමැති බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටී .
ඒ අනුව මොරගොඩ මහතාගේ අක්තපත්‍රය ඉන්දීය රජය ගැටලුවකින් තොරව පිළිගෙන ඇති බවද එම නිවේදනයේ දැක්වේ .
ඉන්දියාවේ , ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු මිලින්ද මොරගොඩ මහතා පසුගිය 30 වනදා නිල වශයෙන් සිය රාජකාරී ඇරඹී ය.
ඒ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීය