මොස්කව් අගනුවර වැඩනොකරන සතියක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාවේ මොස්කව් අගනුවරට වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

ගෙවුණු සතියේදී මොස්කව් හි  කොවිඩ් ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑම එම තීරණය ගැනීමට හේතු වී ඇත.

ගෙවුණු පැය 24 දී රුසියාවෙන් කොවිඩ් වෛරස ආසාදිතයන් 13,510 දෙනෙක් හඳුනා ගැණුනු අතර ඉකුත් පෙබරවාරි මාසයෙන් පසුව එරටින් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව එය වේ..

මේ වසර තුළදී මොස්කව් අගනුවරින් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයන් පිරිස වාර්තා වුණේ ද ඊයේ දිනයේ වන අතර එම සංඛ්‍යාව 6,701කි.

ඉහළ යන කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ජුනි 15වන දා සිට 19වන දා තෙක් වැටුප් සහිත වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කිරීමට මොස්කව් නගරාධිපතිවරයා කටයුතු කර ඇත .

.