නවතම පුවත්

යකා නැටූ SDIG රන්මල් ගැන විමර්ශන තාම කොළේ් විතරයි

Roshan

Roshan


දම්පත් රණසිංහ

චෝදනා එල්ලවී ස්ථාන මාරුවක් ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් නිසි විමර්ශනයක් ආරම්භවී නැති බව වාර්තා වේ. රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ඇරඹුණි.

පහරදීමෙන් පසු තමාව බලහත්කාරයෙන් රැගෙන ගොස් කිරිඇල්ල පොලිස් ස්ථානයේ රදවාගෙන තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඉදිරියේදී නිරුවත්කර කාමරයක දණගස්වා ඡායාරූප පවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් ලබාගත් බවට පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගම මගින් ජනාධිපතිවරයාව දැනුවත්කමින් පෙරේදා ලිපියක් ද යොමුකර ඇත. ඒ වන විට රන්මල් කොඩිතුවක්කු මහතාගේ මුවින් මත්පැන් ගද වහනය වූ බවද එහි සදහන්ය. අවසානයේදී සිය සේවා දායකයාව කිරිඇල්ල ග්‍රාමීය රෝහලටරැගෙන ගොස් වෛද්‍යවරයාට බලපෑම්කර පොලීසිය තුළදී පහරදීමක් සිදු ව නොමැති බවට වාර්තාවක්ද සකස්කරගෙන ඇති බවද එම ලිපියෙහි සදහන්ය.

පිටුහයකින් සමන්විත එම ලිපියෙහි තවදුරටත් සදහන් වන්නේ ලබාගත් නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයකර නින්දා අපහස කරන බවට පවා සිය සේවා දායකයාට තර්ජනය කර ඇති බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය ගෙන ඇති උපරිම ක්‍රියාමාර්ගය වී ඇත්තේ ඒ වන විට ඔහු දැරූ සබරගමුව පළාත්භාර පොලිස් ප්‍රධානියා තනතුරින් ඉවත්කර පොලිස් රෝහල සහ සුබසාධන අංශයේ ප්‍රධානියා ලෙස පත්කිරීම පමණි.

විමර්ශන ගොනුවක් පමණක් විවෘත කර ඇති අතර එය මේ වන විට විශේෂ විමර්ශන ඒකකයේ ඇත. එහෙත්  අඩුම තරමින් මෙම සිදුවීමට භාජනය වූ පුද්ගලයාගෙන් හෝ පහරදීම වූ ස්ථානයට හෝ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ගොස් නැතැයි සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්